Monday, November 17, 2025

කේන්දරය තුළ සැඟවුණු රහස්💐

💐💐 හතරවැන්නට අධිපති ග්‍රහයා හය අට දොළහ යන ස්ථානයකට සම්බන්ධකමක් එතොත් දේපල පිළිබඳ ආරවුල් මතු වෙයි නඩු හබ වලට පැටලෙන්නේ පැටලී මෙවැනි පිහිටීමක් ඇති සමහර උදවිය උරුමයන් ලද දේපළ විකුණා දමන්නට හෝ අත්හරින්නටද පුළුවනි. එහෙම වන්නට නම් එම පිහිටීම හේතු වූ ශුභ ග්‍රහයක් වේ බලවත්ව සිටිය යුතුයි අශුභ ග්‍රහයෙන් දුබලව මෙම පිහිටීම් ඇති කළහොත් නඩුව තද ආරවුල් ඇති කරයි. හතරවැන්නාදිපති හය අට දොළහ වීමත් එම ස්ථාන අධිපති ග්‍රහයකු හතරවැන්නේ වීමත් රාශි මාරු කරගෙන සිටීමත් හතර අධිපති ග්‍රහයා සහ ඉහත කී ස්ථාන අධිපතියකු අතර ඔවුන් ඔවුන් දැකීමෙන් පෙර සඳහන් කළ හතරවැන්නා දෙපති ග්‍රහයා හය අට දොළහ යන ස්ථානයකට සම්බන්ධ වීමයි.


💐💐 උපතේදී කේන්දරේ කේතු ග්‍රහයා හතරවැන්නේ සිටී නම් තම නිවස හෝ භූමියේ අමනුෂ්‍ය දෝෂයක් ඇති යයි කේතු මහා දශාවේ හෝ අතුරුදශාවේ හෝ ගෝචරයෙන් කේතු හතරවැන… 💐💐 දෙවැන්නේ ශනි හෝ රාහු සමග සඳහෝ සිකුරු යෝගව හිටී කල ජන්මියා ගේ මිල මුදල් අනවශ්‍ය කටයුතුවලට වියදම් වෙයි.


💐💐 කුජ තුන්වැන්නේ නම් ජන්මයාගේ පසු උපත ස්ත්‍රී පාර්ශවයන්ට නැඹුරුය හේවා ජන්මයාට පසුව බාල සහෝදරියක් විය යුතුය එසේම ඔහු ඇයට ආරූඪ නාමයක් පවතී. තවත් ලෙසකින් කිව්වොත් මුල් නමට වඩා වෙනස් නමකින් ප්‍රසිද්ධ වෙයි වෙනත් නමකින් අමතයි.

💐💐 තුන්වැන්නේ සිකුරු සමඟ ශනීය රාහු ඉන් එග්‍රහයකු දුබලව සිටියද ජන්මියාගේ සහෝදරියන්ට විෂ ශරීරගත වීමක් සිදුවීමට පුළුවන.

💐💐 ශනි සමග රාහු හතරවැන්නේ සිටීමද ජන්මයාගේ මවට නිතර වාත රෝග ඇතිවෙමින් එග්‍රහයකු දුබලව සිටීමෙන් සෑහේ. තවද ශනි ග්‍රහයා ගෝචර ගමනින් හතරවැන්නට සඳු සිටි රාශියට සඳ සිටි රාශියෙන් අටවැන්නට පැමිණි කළ මාතරෝග මතුවේ (මවට).

💐💐 මිතුන, කන්‍යා ,ධනු ,මීන යන ලග්නයෙන් ඉපදී රවී ග්‍රහයා තුලා රාශියේ සිටියේ නම් ඔහු හෝ ඇයට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් ඇතිකර ගනියි පිළිබඳ උනන්දුවේ? එසේම හෝ ඇයගේ නියම දියුණුව පියා නොදකි. හෙවත් පියාගේ අභාවයෙන් පසුව දියුණු වන බව දත යුතුය..

💐💐 හතරවැන්නේ රවී කුජ සනී රාහු කේතු යන ග්‍රහයෙන් අතරින් වැඩි දෙනෙකු සිටී නම් ජන්මයාගේ මමත් අතර සම්බන්ධතාවය දුරස් වෙයි.

💐💐 ලග්නයෙන් සතුගෙන් හා සිකුරුගෙන් හතරවැන්නේ ගුරු ශනි රාහු කේතු යන ග්‍රහයෙන් සිටීම එම ග්‍රහයෙන් හත්වැන්නාදිපතිගේ හෝ හත්වැන්නේ දුබලව සිටීමත් විවාහය ප්‍රබන්ධ වීමට හේතු වේ. අත්තනාධිපති සමග සිටීමත් හත්වැන්නාදිපතිගේ කේන්දරය හෝ ත්‍රිකෝණගත වීමත් යම් බලපෑමක් ඇති කරයි නියත වශයෙන්ම විවාහය පමා වෙනුවෙන් මේකී පිහිටීම් කිහිපයක්ම තිබීමෙන්ය.


ලග්නය අනුව ශරීර ලක්ෂණ

💐💐 වෘෂභ  රාශිය

 ලග්නය වීමෙන් හෝ ග්‍රහයන් සිටීමෙන් බලවත් වූ කල්හි ශරීරය මධ්‍ය  ප්‍රමාණ උස හෝ වඩා මිටි අය දකින්නට ලැබේ .ශරීරයේ හතරැස් ස්වභාවයයි ඝන ඇට සැකිල්ලකි. කොට ශක්තිමත් බෙල්ලකි. උර හිස් ශක්තිමත්ය. සමහරවිට උරහිස් කෙළවර පහතට නැමී ඇත. ශක්තිමත් වුවද පළල් වූද සෘජුව වපහලට නැමුණා වූද අත් පා ඇත. ස්ත්‍රී හෝ බොහෝ සෙයින්  ලස්සනය.

👉 හිස.

🐣 රවුම් හෝ හතරැස් ආකාරයට පළල්ව උරහිස් මත්තෙහි ලක්ෂණව පිහිටා ඇත.

👉 මුහුණ.

🐣 හතරැස් වුවද සම්පූර්ණ වුවද මුහුණකි. නළල ද තොල් ද නාසයද කම්මුල්ද කට ද සම්පූර්ණ ලෙස වැඩී ඇත බොහෝ සෙයින් තොල් හොඳ හැඩයට පිහිටයි කට පලාලිය අකුසහ නිකට ගනව වැඩී ඇත සාමාන්‍යයෙන්  සමහර අයගේ සිහින් තොල්ද උඩුත් වල සහ නාසය අතර පැතිරීවද පිහිටයි සාමාන්‍යයෙන් මුහුණ පැතිලි ස්වභාවයක් පෙන්නුම් කරයි නාස් පුඩු ලොකුය.

👉 හිස කෙස්.

🐣 අඳුරු සහ බොහෝ සෙයින් රැලි ගැසුණු ස්වභාවයයි. ගණ ලෙස හිස කෙස් වැඩී තිබේ මොවුන්ගේ හිසකගේ සම්පූර්ණයෙන් සුදු වර්ණයට නොපැසේ හිසකෙස් නිතර පහතට ගලන ස්වභාවයයි.

👉 ඇස්.

🐣 ඇස් දුඹුරු වර්ණ හෝ අඳුරු පාටය ලොකුය රවුම්ය බොහෝ විට ඉදිරියට නිරා තිබේ. සාමාන්‍යයෙන් හෙමීට සෙලවෙන මුදු ඇස් දෙකක් කරයි. ඇස් පිය ගනවා වැඩී ඇත සමහර විට කොටසක් පහතට නැමී ඇත නිතර නිදිබර බැල්මක් ඇත ඇස් පිහාටු දිගය අඳුරු වර්ණය වකුටුය.

 👉නාසය.

🐣 හොඳ හැඩහුරුකමක් ඇති බොහෝ විට ඇති බැම ළඟ සුදු තිරයක් මෙන් සෑදී ඇත.

👉 ශරීර වර්ණය.

🐣 සුදු වර්ණ ඇති අයද බොහෝ විට රළු අඳුරු වන්න ඇති අයද ඇති වෙත් හම ගොරෝසුය.

🌄🌄 විශේෂ ගුණාංග

🦚🦚 අත්තල සහ ශරීරයේ රෝම සෑදේ ගැඹුරු සංගීත ආකාර හඬක් ඇත සමහර විට නිතර සින්දුවක් කියමින් සිටි ළඟ ළඟ පා තබා කය කෙලින් තබාගෙන ගමන් කරයි බොහෝ විටත් කර ශරීරයක් ඇති කරයි. අත්මහත්ත කොටට පළල්ව සෑදෙයි.


ලග්නය අනුව ශරීර ලක්ෂණ

💐 මිථුන රාශිය💐

🌼 මෙතන රාශිය ලග්නය වීමෙන් හෝ ග්‍රහයන් සිටීමෙන් බලවත් වූ කල්හි ශරීරය උස්ය සෘජුව කෙලින් පිහිටයි. සුක්කුමාලය අත්පාදිකය පපුව පටුය උරහිස් කෙළවර පහතට නැඹුණු ස්වභාවයකි බොහෝ සෙයින් දික් වුවද සිහින් වුවද චිත්‍ර ක්‍රමයට සුදුසු වුවද ආකාරයට ඇඟිලි පිහිටයි නමුත් අත්පා කොටය මස් සහිතය බෙල්ල දිගය සිහිනිය ස්ත්‍රීහු බොහෝ විට සම්පූර්ණය.

👉 හිස

🌼 දිගය පටුය.

👉 මුහුණ.

🌼 දිගය ඥානාන්විත භාවය පෙන්නුම් කරන පළල් නළල් තලයක් ඇත නිකට දිගය සිහින් වුවද පළල් වුවද තොල් ඇත කන් කුඩාය.

👉 හිස කෙස්.

🌼 බොහෝ සෙයින් සෘජුය එහෙත් මෘදු ලෙස අඳුරු වර්ණයට වැඩෙ.

👉 ඇස්.

🌼 බොහෝ සෙයින් දීප්තිමත්ය කදිම පෙනීමක් ඇත ඉක්මනින් ඇස් පිය ගසයි. ඉක්මනින් නොයෙක් අරමුණු කරා දුවයි කෝපවිට වූ කල්හි කූර ලෙස දිලිසෙන ඇස් දෙකක් වෙති.

👉 නාසය.

🌼 නාසය කෙලින් දිගට කුරුලු හොටක් මෙන් සෑදෙයි. නමුත් අගදී කොටස් වෙන්ව සෘජුව  මතුවිය නැමී තිබේ.

👉 ශරීර වර්ණය.

🌼 පැහැදිලි ලෙස පඬුවන් පාටට පිහිටයි.

👉 විශේෂ ගුණාංග.

🌼 බොහෝ විටම ඔවුන් කුරුල්ලෙක් මෙන් වඳුරෙක් මෙන් තැන තැන දුව ඇවිදි කටහඬේ උස් පහත් හැඩ පිහිටයි. එසේ උස් පහත් හඬ ඇතත් ඉක්මනින් කතා කරයි. බොහෝ විට නිෂ්ඵල කතා කරන්නෙකි ඉක්මනින්ම ශක්තිමත්ව පා තබා ගමන් කෙරේ. කකුල් විදහා යෑමේදී අත් දෙක හොඳින් පැද්දෙයි. හිස මදක් ඉදිරියට නිරූ ස්වභාවයක් තිබේ. බොහෝ විට කදිම ඇඳුම් පැළඳුම් මදි. නිදිමාරයි අත්පා කිසිම වෙලාවක නිෂ්ඵල නොපවත්වයි. බහු යුග්මය දිග නමුත් අත්පා කොට වෙයි.



අති ධාවනකාරී කුජ සිකුරු සංයෝගය හඳුනාගනිමු?🪷

💎💎 බොහෝ දෙනෙකුගේ ජන්ම කේන්දරය තුළ ඉතා බලගතු යෝග දෙකක් වන අති ධාවනකාරී කුජ සිකුරු සංයෝගය සහ අතිධාවනකාරී කාමයෝගයක්  කුජ සිකුරු සංයෝගය තුළ ජන්මියාගේ උඩු යටිකුරු කරන අවස්ථාද දකින්නට ලැබෙන ,අතර යම් අවස්ථාව තුළදී අනාගතයට යහපත් මෙන්ම යහපත් බලපෑම් ද සිදුවීමට ඉඩකඩ තිබෙන අතර එම අවස්ථාවන් තුළදී ඉතාමත් ප්‍රවේසන් විය යුතුය සිකුරු ග්‍රහයා ගැන කතා කළහොත් එම ග්‍රහයා කාමයට සහ ආශාවන්ට ඇතුළු විනෝදයට බර ග්‍රහයක වන අතර කුජ ග්‍රහයා රතු රුධිරානු සහ විනාශයට අධිපති ලෙසද හඳුන්වන අතර මෙම සිකුරු සහ කුජ සංයෝග වූ විට මොන වගේ ප්‍රතිඵලයක් උදා වෙනවාද යන්න හඳුනා ගනිමු. 

🪷🪷 1අතිධාවනකාරී කුජ සිකුරු සංයෝගය.

🪷 මෙම යෝගය ඉතාමත් යහපත් වන අතර ජන්මියාගේ දියුණුවට උදව් උපකාර කිරීමට සහ සමාජය තුළ පිළිගත් චරිතයක් බවට පත්කිරීමට ඇතුළු දවසින් දවස ප්‍රසිද්ධිය සහ ව්‍යාපාර කටයුතුවලට යහපත් වන අතර ප්‍රබල ආකර්ෂණයක් ඇති කරයි එය ඉතාමත් සුභය ජන්ම පත්‍රයෙහි මෙම භාවයන් තුළ තැන්පත්ව තිබෙන විට එනම් නමය දෙක එකොළහා යන ස්ථානයන්හි තිබුණු විට හදිසියෙන්ම ධනය ගලාගෙන එන අතර එයට විදේශගතවීම් සහ විදේශගත පදිංචියන්ගෙන් උදව් උපකාර ගැනීමට සහ ස්ත්‍රියක් හට මෙම යෝගය තිබුණේ නම් ප්‍රබල පුරුෂ ආකර්ෂණයක් සහ ඔවුන්ගේ ගෞරවය ප්‍රසාදය දිනාගන්නේය අති විශිෂ්ට චරිතයක් වීමට ඇතුළු ප්‍රබල පෞරුෂත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මෙම සංයෝගය පුරුෂයකට යෙදී තිබුණේ නම් ඉතාමත් යහපත් රූප ශ්‍රියාවෙන් යුත් අන් අයගේ සිත් දිනා ගන්නා වූ අති දක්ෂ  නිර්භය ප්‍රබල චරිතයක් බවට පත්වන යාන වාහන ගේදොර සැප සම්පත් ලැබීමට වාසනාව ශක්තිය උදාවේ ඉතාමත් සුභ යෝගයකි.

🪷🪷 මෙම යෝගය 4,5 , භාවයක තැන්පත්ව තිබෙන විට ඉගෙනීමට දක්ෂ කෙනෙකු වීමට හා කථිකත්වයෙන් ඉදිරියට ගමන් කිරීම ඇතුළු සමාජය තුළ පිළිගත්තා වූ ඕනෑම

කෙනෙකුගේ ගෞරවය ප්‍රසාදය දිනා ගැනීමට සහ නීතිඥවරු බිහිකිරීමට ද මෙම යෝගයෙන් හැකියාව තිබේ.

💎💎 අති ධාවනකාරී කාමයෝගය.

👉 මෙම යෝගය නිර්මාණය වෙන්නේ කුජ ග්‍රහයා සහ සිකුරු සංයෝගය වුවද මෙම දෙදෙනාගෙන් එක් අයෙකු නීච භාවයකට හෝ සතුරු භාවයකට තැන්පත්ව පාප කර්තර වී සිටීමෙන් මෙම යෝගය නිර්මාණය වන අතර නිතර කාමයට බර වීමක්  අනියම් සම්බන්ධතාවයන් මතු කර ගැනීමට ඉඩ තිබෙන අතර මේ පුරුෂයෙකුට තිබුණේ නම් රාගාධික ස්වභාවයක් මතුවීමට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වීම ඉඩ තිබේ. මෙය ස්ත්‍රියක් හට පිහිටියේ නම් ඇය රාගාධික ස්වභාවයෙන් හිමිවීමට සහ ඇයට අධික ලෙස පුරුෂ ආකර්ෂණය මෙන්ම තම වයසට වඩා අඩු පුරුෂයන් සමඟ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට ඉඩ තිබෙන අතර එය ඉතාම භයානකය....

🪷🪷👉 කුජ හෝ සිකුරු සංයෝගයෝ සිටීම සහ නීච මෙම භාවයන් තුළ සිටින විට 1.4,7.10 තමාගේ පවුල් ජීවිතයේ කඩාකප්පල් වීමට සහ තමාගේ පෞරුෂත්වය වෙනස්වීමට ඉඩ තිබෙන අතර එක  තැනක රැකියාවක් කිරීමට අපහසුය. නිතරම මනස විකෘති වීමක් හෝ ව්‍යාකූල ස්වභාවයක් මතු කර ගැනීමට ඉඩ තිබෙන අතර ඉතාමත් සැලකිලිමත් විය යුතුය.

🪷🪷🪷🪷 ජන්ම කේන්දරයක තිබෙන්නා වූ පාපී ස්ථාන වන 6,8,12 ස්ථානයක තිබෙන්නේ නම් නිතර ඉනෙන් පහල කොටස් සම්බන්ධව යම් යම් ගැටලු මතු කර ගැනීමට සහ ශරීරය අධික උෂ්ණ වීම මෙන්ම දරුඵල සම්බන්ධ ගත්තලු මතුවිය හැක.  


ජෝතිෂ්‍ය විද්‍යානුකූලව විවාහ දෝෂ

 හරියටම අපි බලමු දික්කසාදයක යන්න ජොතිෂ්‍ය විද්‍යානුකූලව දික් කසාදය ඇති වෙන්නේ මොන කාලයේද කියලා 

💐💐💐

 දික්කසාද වන දිනය හරියටම මං කියනවා විවහා දෝෂ කියන්නෙත් ඒ දේටම තමයි අපි බලමු අද  ජෝතිෂ්‍ය  අනුකූලව අපේ ජීවිතය අපිට පෙරළියක් ඇති කරන කාලසීමාව කොහොමද කියලා


👉 සිකුරු මහ දශාවේ ශනිගේ අන්තර් දශාව

🌼 ඩිවොස් වෙන්න පුළුවන් කාලක් පරිච්ඡේදයේ පළවෙනි කාලපරිච්ඡේදය ඒ කියන්නේ සිකුරු අවුරුදු විස්සක් තියෙන අයට සිකුරු මහදශාවේ ශනිගේ අන්තර්දාශාව කියලා කාලයක් එනවා. ඒ කියන්නේ අවුරුදු විස්ස අපි ග්‍රහයෝ නම දෙනකොට අවුරුදු තුනයි මාස දෙකක කාලයක් ෂුවර් එකටම මගේ පරීක්ෂණානුකූලව  99/- 

 පවුල් ප්‍රශ්න හෝ  වෙන්විමක් කියන තැනකට ඇවිත් තියෙන්නේ මෙම කාල පරිච්ඡේදයේ.


💐👉 ඔබ ගුරු මහ දශාව ගෙවනවානම් ගුරු මහා දශාවේ සිකුරු අන්තර්දාශාව තුළදී මේ දේ සිදුවිය හැක. ගුරු මහා දශාව අවුරුදු 16ක් උනහම අපි ඕක ග්‍රහයෝ නම දෙනාට කොටස් නමයකට බෙදනවා ඇත්තට ගුරු මහා දශාවේ සිකුරු අන්තර්දාශාවෙන්නේ අවුරුදු දෙකයි ජෝතිෂ්‍ය විද්‍යානුකූලව කරපු පරීක්‍ෂණවලින් කලත් යාමේ කාලය තුළ ඇතිමක් දැකිය හැක.


👉🌄 ඊළඟ කාල පරිච්ඡේදය තමයි සඳු මහ දශාවක ඉන්නවා නම් ඔබ සදුට අවුරුදු දහයක් කාලසීමාවක් තියෙනවා අපේ එයත් කොටස් නවයකට ග්‍රහයෝ නම දෙනාට බෙදනවා. සදුගේ ශනි අන්තර්දශා තුළ වැඩි අවධානයක් යොමු කරනවා. අවුරුද්දයි මාස හතක්

🚨🚨 ඉහත කාලය තුළ ලංකාවේ හෝ විදේශ අයගෙන් සියයට අනූපහක් වැඩිම සම්භාවිතාවක් තියෙනවා විවාහයෙන් වෙන්වීම දකින්නට ලැබෙනවා .කසාදයකදී තිබුණ සම්බන්ධතාවයක් නෑ. ජ්‍යෝතිෂය තුළ අපි හඳුන්වන්නේ දික් කසාදයක්. වෙන්වීමක් ගැන ඒ වගේම තමයි සිකුරු බලවත් වුනාම ගුටි කකා ඒ වගේම වැටිලා ඉන්නවා. නමුත් බ්‍රහස්පතිගේ දශාවේ අයින් වෙනවා දුක් විඳින්නේ නැහැ. මම කරපු පරීක්ෂණ නිරීක්ෂණ අතර මං හොයාගත්ත .


 


🪷👉 💎💎හදහනේ ඇති බලවත් යෝග කිහිපයක් අපි අද හඳුනා ගනිමු💎


🪷🪷 යම් ග්‍රහයකු තමාගේ රාශියක සිට බලවත් ආකාරයට පිහිටියේ නම් මෙම යෝග උදාවේ. එහිදී ජන්ම හිමියා බලවත් පුද්ගලයෙකු වීමට ඉඩ ඇත හඳුනා ගනිමු.

🪷1👉 ඔබේ කේන්ද්‍රරයෙන් මේෂ රාශිය ඇති කොටුව තුළ රවී සිටී නම් ඔබට මයුරපාල යෝගය උදාවේ.

🪷👉2. ඔබේ කේන්ද්‍රරයේ සිංහ රාශිය රවී සිටියේ නම් උපේන්ද්‍රා යෝගය උදාවේ.

🪷👉3 ඔබේ කේන්දරේ වෘශභ රාශිය තුළ සදු සිටියේ නම් "යස යෝගය" උදාවේ.

🪷👉4  කේන්ද්‍රරයේ කටක රාශිය තුළ සදු සිටියේ නම් ඔබට උදා වෙන්නේ "කුලීර යෝගයයි"

🪷👉5: මේෂ රාශිය තුළ කුජ සිටියේ නම්" ගජ කේශර "යෝගය ඇත්තේය..

🪷👉6  ඔබේ කේන්දරයේ වෘචික රාශිය තුළ කුජ සිටියේ නම් "මහීපාල"  යෝගය උදාවේ.

🪷👉7 කේන්දරයේ මකර රාශිය තුළ කුජ සිටින්නේ නම් සතර දීප ජය යෝගය උදාවේ.

🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

 

ජන්ම කේන්දරය තුළින් නිධන් උරුම තිබේද යන්න අපි අද කතා කරමු

💎💎💎 මේ ලෝකයේ සිටින සෑම මනුෂ්‍යයෙකුටම තමාට හදිසි ධනයක්කින් දියුණු වීමට සහ ඒ රන් රිදී මුතු මැණික් වලින් පිරුණු විශාල මිළ කළ නොහැකි ධනයකට උරුමංකම් කීමට බොහෝ මිනිසුන් කැමැතිය නමුත් සෑම ජන්ම මිල නොහැකි ධනයකට උරුමකම් කීමට පුළුවන්ද එසේ නැත පෙර ආත්මය තුළදී ඔබ කරන ලද දාන පාරමිතාව හේතු කරගෙන මෙලොවදී සැප සම්පත් ලැබීමට වාසනාව ලැබෙන අතරම ඔබ දැන සිටියාද ඔබගේ කේන්දරය තුළ නිදන් වස්තූන් ලැබීමේ වාසනාව පිහිටා තිබෙනවාද යන්න නිවැරදිව හඳුනා ගැනීම😜

💎💎🌹👉 ඔබගේ ජන්ම පත්‍රයෙහි අටවැන්නේ බොහෝ ග්‍රහයෝ තැන්පත්ව අටවැන්නාදිපති උච්ච කේන්ද්‍රය ස්ථානයක් තුළ සිටින්නේ තමා නම් තමා උපන් භූමිය තුළින්ම ප්‍රබල නිදන් වස්තූන් හිමිවීමට ඉඩ කඩ ලැබෙන්නේය.

💎💎🌹 ඔබගේ ජන්ම කේන්ද්‍රයේ

 අටවැන්නේ රවී චන්ද්‍ර බුද්ධ සංයෝග වී අටවැන්නාදිපති නම වැන්නේ සිටින්නේ නම් තමාගේ දෙමව්පියන්ගේ උරුමයකින් ප්‍රබල නිදන් වස්තුන් හිමිවීමට ඉඩකඩ දකින්නට ඇත.

💎💎💎🌹 ඔබගේ නවාංශක  කේන්දරේ හා ලග්න කේන්ද්‍රය තුළ අටවැන්නාදිපති සාහා හය වැන්නාදිපති මෙන්ම විවාහකාරක සිකුරුද බලවත්ව සිටින්නේ නම් තමාගේ විවාහකයාට සහකරුගේ හෝ සහකාරියගේ යම් භූමියකින් ඔබට ප්‍රබල නිදන්. වස්තුවක් හිමිවීමට ඉඩකඩ දකින්නට ලැබේ.

💎💎🌹👉 ඔබගේ කේන්දරය තුළ රවි නීච වි  සහ ගුරු  වක්‍ර භාවයෙන් තැන්පත් 08 වැන්නේ අධිපති වික්‍ර්ම ස්තානයක සිටින්නේ නම් තමා උපන් භූමියෙන් පිටතට ගොස් වෙනත් ප්‍රදේශයකින් ජීවත් වන විට යම් ප්‍රබල නිදන් වස්තුවකට උරුමකම් කිව හැකිය.

💎💎💎🌹👉 ඔබගේ කේන්දරයේ නවවැන්නාදිපති සහ අටවන්නෑදිපති අටවැන්නේ සිට දෙදෙනාගෙන් එක් අයකු උච්ච වන්නේ නම් 9 වැන්න තුළ බලවත් ග්‍රහයකු සිටින්නේ නම් ආගමික සම්බන්ධව යම් වස්තූන් දා වීමට ඉඩ තිබුණද ඒ වස්තූන් ධර්මය උදෙසා භාර කළ යුතුයි.. 


🌟ඔබට හිමි සහකරුගේ ධන තත්ත්වය කෙසේද යන්න ජන්ම පත්‍රය තුළින් අපි බලමු🌟.

 සහකරුගේ ධනය  පිළිබඳ ස්ත්‍රී කේන්දරයෙන් පලාඵල කිව හැකි වේ. ✨

 💫ඒ ඔබගේ හඳහනේ අටවෙනි කොටුවෙන්ය. 8 වැනි කොටුවෙ අධිපතියා සිටින තැන අනුව පලාපල කියැවෙයි.

🔴 ලග්නය අනුව 8          අධිපතියා පහත පරිදි වේ.

💎 මේෂ ලග්නයට කුජ

💎 වෘෂභ ලග්නයට ගුරු

💎  මිථුන ලග්නයට  ශනි.

💎 කටක  ලග්නයට  ශනි

💎 සිංහ ලග්නයට ගුරු

💎 කන්‍යා ලග්නයට කුජ 

💎 තුලා ලග්නයට සිකුරු

💎 වෘච්චික ලග්නයට බුද

💎 ධනු ලග්නයට සඳු

💎 මකර ලග්නයට රවි

💎 කුම්භ ලග්නයට බුද

💎 මීන ලග්නයට සිකුරු


🌟 08 අධිපති පලවැන්නේ.                    

👉🏾   ධනය කොයිතරම් ඇතත් ඒවා නැති නාස්ති කරගනියි. දේපල වුවද එසේමය                            

❤️ 08 අධිපති දෙවැන්න ධනය හීන ඇත්තෙකු වේය ඔහු ඔබගෙන් යැපීමට බලාපොරොත්තු වේ. ඔබෙන්ද වැද්දක් ලැබෙතැයි අපේක්ෂාවෙන් සිටි. තවද රන් ආභරණ වලට ගිජුවේ.

🌟 අට අධිපති තුන්වැන්නේ. හදිසි ධන ලාභා ලැබීමට පින් ඇත්තෙකු වේ. එක් වර දන්නෙවත් වීමේ හැකියාවෙන් යුතු අයකු වේ

👉❤️ 08 අධිපති හතරවැන්නේ. උරුම දේපළ ධනය ලැබෙන සැමියෙකු වේ. ඔහුට දෙමව්පිය උරුමයෙන් විශාල ධනයක් ලැබෙයි

👉 ❤️ 08අධිපති පස්වැන්නේ

 රැකියාව නිසා දියුණුව ලබයි ජීවන වියදම් අඩුපාඩු නැතිව පියවා ගැනීමට හැකි වැටුපක් රැකියාව තුළින් ලබයි


අට අධිපති හය වැන්නේ

👉 ආදායම් මාර්ග කීපයකින් ධනය උපයන්නකෝ වේ සැබෑම ධනවතෙකි

👉 අට අධිපති හත්වැන්නේ

💎 එතරම් සල්ලි භාගයක් ඇති අයෙකු නොවේ මුදල් දේපළ ඇතත් ඒවා නැති නාස්ති කර ගනී.

👉 පට්ට අධිපති අටවැන්නේ

👉 වෙහෙස මහන්සියකින් තොරව ධනය උපයන සහකරුවකු හිමි වේ. ඔහු වාසනාවන්තයකි. ආර්ථිකයේ පහන වැටීමක් සිදු නොවේ.

💎 අට අධිපති නමවැන්නේ

👉 යහපත් ආර්ථික මට්ටමක් ඇත්තේ සහකරුවකුගේ අත ගැනීමට ඔබට වාසනාව ඇත අඩු වැඩි නොවන ස්ථාවල ආර්ථිකයක් ඔහු සතුවේ.

💎 අට අධිපතියා දස වැන්නේ.

👉 සංචාර කටයුතු තුළින් ධනය උපයන්නකු වේ. එහෙම නැත්නම් තැනින් තැනට අවදිමින් දැනේ උපයන්නකු වේ විදේශගත රැකියා ව්‍යාපාර කරන්නෙකුද විය හැක.


💎 අට අධිපතියා එකොළොස්වැන්නේ.

👉 ධනය දේපළ හිමි අයෙකු වේ. ඒ ආබාන ආශ්‍රිත විකරණ ව්‍යාපාර කටයුතුවල නියුතු අයකු වීමටත් ඉඩ ඇත කෙසේ වුවද කුමන රැකියාවක ව්‍යාපාරික යෙදුණත් වාහනයක් ඇති අයෙකු වේ.

 අට අධිපතියා දොළොස්වැන්නේ

.👉 ව්‍යාපාර කටයුතුවලින් දානය ලබන්නකු වේ ආදායම් මාර්ග එකක් නොව දෙකක් හෝ ඊට වඩා පැවතිය හැකිය විස්තර තුළ සඳහන්ව ඇති ආකාරයෙන් බලන්න ඔබගේ ලග්නය අනුව



ලග්නය අනුව ආදරය පිළිබඳ බලපෑම්

🪷🪷 ලාග්නය අනුව බලපාන ඔබට හිමිය ආදරය කොහොමද කියලා අපි බලමු🪷🪷

💎 ආදරය වනාහි ඉතාම මනස්කාන්තය එසේම අහිංසකය ස්ත්‍රී පුරුෂ ආදරය විටෙක කාමය පසුබසා හඹා යන්නේය එවන් ආදරයක් රාශි දොළහට කොතරම් දුරට බලපාන්නේ ද ක්‍රියා අද දින විග්‍රහයක යෙදීම අපි මේ පිළිබඳ විමසා බලමු💎

🪷🪷 මේෂ

👉 ආශාවන් අධිකයි. ලිංගික තෘප්තිය නිතර අවශ්‍යයි. පසුබට නොවන කලබලකාරී ආදර සම්බන්ධකම් බහුලයි. සිතෙහි ඇතිවන ආශාවන් සංසිඳවා ගැනීමට බොහෝ ඉඩකඩ ඇති වේ.

🪷  වෘෂභ🪷

👉 යමක් හොඳින් තෝරා බේරා ගැනීමේ හැකියාවක් ඇත ලැබෙන අවස්ථාව අනුව ආදර සම්බන්ධතා හෝ විවාහය පිළිබඳ හොඳින් සළකා බලා තීරණ ගැනීම සිදුකරයි විරුද්ධ පාක්ෂිකයා තමන් වෙත පැමිණෙන තෙක් බලා සිටි බලවත් හැඟීම් ඇත.

🪷🪷 මිතුන🪷

👉 ආදර සම්බන්ධතා හා විවාහය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට යොමුවේ එක්වර දෙදෙනකු සමඟ වුවද ආදර සම්බන්ධතා පවත්වාගෙන යෑමට යොමුවේ.

🪷🪷 කටක🪷

👉 බාහිරව ඉතා මෘදුවේ . විරුද්ධ ලිංගික පහත් තත්ත්වයේ අය සමඟ රහස් සම්බන්ධතා පවත්වාගෙන යෑමට යොමුවේ.

🪷🪷 සිංහ🪷🪷

👉 පවතින අහංකාර ස්වභාවය හේතුවෙන් ජීවිතයේ සතුට ප්‍රේමය සම්බන්ධතා ගොඩනැගීම හා විවාහයේ සැප ලැබීම ඉතා අඩු වන්නේය.

🪷🪷 කන්‍යා🪷🪷

👉 ලැජ්ජාශීලී වුවද විරුද්ධ ලිංගිකයන්ගේ සිත දිනා ගැනීමට උනන්දු වෙයි. ඇසුරු කිරීම් තුලදී අප්‍රිය බව මෙන්ම අවනත බවද පෙන්වයි.

🪷🪷 තුලා🪷🪷

👉 වර්ගකර හඳුනා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් තමන්ට ගැලපෙන සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට සහජයෙන්ම දක්ෂතා හිමිවී ඇත.


වෘච්චික🪷🪷

👉 ලිංගික හැඟීම් අධිකයි ආදරය සම්බන්ධව නිර්භීතව ධෛර්යය සම්පන්න වේ.

🪷🪷🪷 දනු🪷

👉 එකවර ප්‍රේම සම්බන්ධතා දෙකක් තුනක් වුවද පවත්වා ගැන යෑමට යොමුවේ.

🪷🪷🪷 මකර🪷🪷

👉 ආරක්ෂාකාරී ලෙස ජීවිතය සැප විඳීමට යොමුවේ නමුත් ඒ සම්බන්ධව මුදල් වියදම් නොකරයි ආදර සම්බන්ධතා ද ඒ අයුරින්ම වේ.

🪷🪷🪷 කුම්භ🪷🪷

👉 එකවර ආදර සම්බන්ධතා දෙකක් පවත්වාගෙන යෑමටද යොමුවේ පළමු ව්‍යවහාරයෙන් බොහෝ දුරට අසාර්ථක විය හැක.

🪷🪷 මීන🪷🪷

👉 කල්පනාකාරීව දූරදර්ශීව ක්‍රියාකරයි සිය මානසිකත්වය අනුව හෝ උනන්දුව හෝ පසුබෑම් වෙයි.


💎💎 මෙහි දක්වා ඇත්තේ වරහ මිහිර ආචාරිගේ හෝ රසාර්ශ්වය දක්වා ඇති උපදෙස් සමූහයක් බව සඳහන් කරනු කැමැත්තෙමි🙏



ලග්නය අනුව ඔබගේ ශරීර ලක්ෂණ

💎💎 මේෂ රාශිය ලග්නවීමෙන් හෝ ගහයින් සිටීමෙන් බලවත් වූ කල්හි ශරීර මධ්‍යම ප්‍රමාණය උස ඇති අයද වඩා උස ශරීර ඇති අයද ඇතිකරයින් දැරි කෙට්ටු ශරීරයකි ටිකක්නෙ මුළු ස්වභාවයක් බෙල්ලේ දිගය ශක්ති සම්පන්නය උරහිස් ගොරෝසුය ලොකුය ඇගිලි ගනව කොටට තිබේ.

🪷 හිස🪷

👉 රවුම් කොටට කෙලින් පිහිටා තිබෙ.


🪷මුහුණ🪷

👉 දිගය කම්මුල් ඇට මතුවී තිබේ නරල පළල්ය උල් පටු නිකටක් තිබේ සමහර විට එහි කැරලක්ද ඇත උඩු තුළ සමහර විට ඉදිරියට නිරූ ආකාරයටද යටිතල ගණව එල්ලෙන ස්වභාවය ඇති ආකාරයට තිබෙන අය දකින්නට ලැබේ. සාමාන්‍යයෙන් මුහුණ ඇට සහිතව කෝණාකාරව පිහිටා තිබේ.

🪷 හිස කෙස්🪷

👉 ගුඹුරු වර්ණ වියලී සහිතව තිබේ. ගහ බලයන් නැතුව තද කළු වර්ණයට හරවයි. සාමාන්‍යයෙන් මොවුන්ගේ හිසකෙස් හීන්ව ශක්තිමත් ලෙස හිසෙන් මතුවීමේදී ඍජුව වැඩුණු අගදී රැලි ගැසුණු ඉක්මනින් කැඩෙන සුළු බොහෝ විට මැදින් බෙදුණු ස්වභාවයක් උසුලයි. නළලේ දෙකෙළවර හිසකෙස් පස්සට ගොස් තිබේ. නළලෙහි එක් අංශයක් ඉදිරියට නේරා ඇත.


ඇස්🪷🪷

👉 අළු පාට හෝ රිදී පාටට හුරුය කලාතුරකින් නිල් පාටද කරයි. ග්‍රහ බලයක් ඇතුව දුබුරු වර්ණ කරයි. පරීක්ෂාකාරී වුව ද තීක්ෂණ ලෙස කාවදිනා වුවද බැල්මක් තිබේ. සමහර විට ඉදිරියට නේරූ ලොකු ඇස් පිහිටයි. ඇහි බැඹ අඳුරු වර්ණ ගනණ  වැඩි ඇත.


🪷 නාසය🪷🪷

👉 සිහින්ම නැමුනා වූ ලෙසද දික්වූ ලෙසද මුහුණේ උඩට වඩා මතු නොවූ ලෙසද මධ්‍යයෙන් මදක් උස් වැද පිහිටයි.


🪷🪷 දත්🪷🪷

👉 සුදු ය ශක්තිමත් පළලය වෙන් වෙන්ව බොහෝ විට මහත්ත තරමක් ඉදිරියට නිරූ ගතිය පිහිටයි.

🪷🪷 ශරීර වර්ණය🪷🪷

👉 බොහෝ විට සුදු මැලි ස්වභාවයයි. කලාතුරකින් රතු අයද දකින්නට ලැබේ. අඳුරු වර්ණ ඇති අයද ඇති වෙති.

🪷🪷 විශේෂ ගුණාංග🪷🪷

👉 බොහෝ විට එළුවෙක් මෙන් ඇවිස්සුණු විටදී හිස ගසමින් ඒ මේ අත දුවයි .බර උසුලන ස්වභාවයේ බෙල්ලක් ඇත .කටහඬ ඇත .තියුණු ලෙස සෘජුව කතා කරයි. නමුත් බොහෝ විට අවංකය කඩිසර ලෙස ලියන්නේ එකේ. ශක්තිමත් ලෙස තදින් ගමන් කරයි. මේෂ රාශී මුල් අංශක 10 ඇතුළත උපන්නේ නම් මස් සහිත ශරීරයක් කරයි. අග 20 තුළදී නම් ශක්තිමත් මහත් ලෙස වැඩුණු ඇට සහිත අවයව ඇත්තෙකි. සමහර විට නළලේ කෙළවර දෙකෙන්  තට්ටය පෑදේ.


 

No comments:

Post a Comment

𝟏𝟎 𝐁𝐨𝐨𝐤𝐬 𝐟𝐨𝐫 𝐋𝐢𝐟𝐞𝐥𝐨𝐧𝐠 𝐥𝐞𝐚𝐫𝐧𝐞𝐫𝐬

1) How to Read a Book by Mortimer Adler This book talks about reading mindfully to imbibe the lessons for life. 2) Writing to Learn by Willi...